Posted on 12.06.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
මෙරට ළමා චිත්‍රකතා ක්ෂේත්රයේ පුරෝගාමියකු හා ප්‍රවීන චිත්‍රකතා ශිල්පී කලාභූෂණ එස්. ඒ. දිසානායක අභාවයට පත් විය.
60 දශකයේ මුල් භාගයේ නවයුගය සඟරාවෙන් චිත්‍රකතාකරණයට පිවිසි දිසානායක වසර 50කට අධික කාලයක් දිවයිනේ විවිධ පුවත්පත් සහ සඟරා වලට චිත්‍රකතා නිර්මාණය කළේය. ඔහු නිර්මාණය කළ චරිත අතරින් බූ බබා, තුල්සි, බටකොල ආච්චි, යෝධයා, පඬිතුමා පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්විය. මීට අමතරව ඔහු විවිධ ග්රන්ථ රාශියක් ද පළ කර ඇත. රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ දිසානායක ගුරුවරයෙක් ලෙස ද සේවය කලේය. මිය යන විට ඔහු 88 වැනි වියේ පසුවිය.
අභාවප්‍රාප්ත එස්. ඒ. දිසානායකකලාකරුවාගේ දේහය ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට භාර දීමට නියමිතය. දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.