Posted on 07.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නිරෝධායන නීති යොදවා ගෙන විරුද්ධ මත දැරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමට හා මර්දනයට විරුද්ධව හඬ නගන උද්ඝෝෂණයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇත.
හෙට(12) සවස 3.00ට කොළඹදී පැවැත්වෙන මෙම විරෝධතාවයට විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන්, සිවිල් ක්‍රියාකාරීන් සහභාගි වීමට නියමිතය.
ජූලි 8 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු මාර්ගයේ පැවති විරෝධතාවයේදී පොලිසිය සිදුකළ හිරිහැර කිරීම්, නීති විරෝධී පහරදීම්, සිරගත කිරීම් හා ඇප මත නිදහස් කිරීමෙන් පසුව නැවත අත්අඩංගුවට ගැනීම යන සිදුවීම්වලට විරෝධය දක්වන්නට මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
මෙම විරෝධතාවයේදී සටන් පාඨ ලෙස
යන තේමා පාඨ යොදාගෙන ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.