ඊයේ දින පැවැති රුසියානු ජනාධිපතිවරයාගේ වසර අවසාන මාධ්‍ය හමුවේදී පළ කළ මූලික කරුණු කිහිපයක් පිළිබදව ජාතන්තර වශයෙන් අවදානයට ලක්ව තිබේ.
මොස්කව්හි පැවැත්වූ මෙම වසර අවසාන මාධ්‍ය හුමව සදහා ලොව පුරා මාධ්‍ය සංවිධාන ගණනාවක මාධ්‍යෙව්දීන් 1640 එක්ව සහභාගීත්වයෙන් පැවැති බව වාර්තාවේ.
මෙම මාධ්‍ය හමුව සදහා සහභාගීවූ රටවන් අතරින් එක්සත් ජනපදය, ජර්මනිය, ජපානය, ප්‍රංශය, චීනය, පෝලන්තය යන රටවල් මාධ්‍යෙව්දීන් හා සෙසු රටවල මාධ්‍යෙව්දීන්ය.
වත්මන් මොහොත තුල සිරියානු සිවිල් යුද තත්වයට මැදිහත්වීම ඒ අතරින් එකක් වේ. සාමාකාමී ලොවක් සදහා රුසියාව ඉදිරියටත් කටයුතු කරන බවත් විශේෂයෙන් ඉදිරියේදී රුසියාවටට එක්සත් ජනපදය සමග කිසිදු අවි තරගයකට යොමුවීමට අවශ්‍යතාවයක් පැණ නොනගින බවයි. සිය රටේ ආරක්ෂාව සදහා යුද හා නාවික හමුදා සදහා නවීන අවි සංවර්ධන වැඩසටහන් දියත් කරනු ලැබුවත් එය කිසිසේත්ම වෙත් රටකට එරෙහිව ගනු ලබන ක්‍රියාවත් නෙවන බවයි.
අනෙක් කරුණ වන්නේ ඉදිරි රුසියානු ජනාධිපතිවරණට ඉදිරිපත්වීම සම්බන්ධයෙනි එහිදී මාධ්‍යවේදීන් පුටින්ගෙන් මේ පිළිබදව විමසා තිබේ. ඔහු එහිදී පවසා ඇත්තේ 2018 ජනාධිපතිවරණයට වත්මන් රුසියානු එක්සත් පක්ෂයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වනවාට වඩා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමාගේ වැඩි කැමැත්ත තිබෙන බවයි.
එක්සත් ජනපද වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පසුගිය ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන්ද පිළිතරුදී ඇති ඔහු පවසා ඇත්තේ සාමානයෙන් ට්‍රම්ප්ගේ කණ්ඩායම සමග පැවැත්වූ සම්බන්ධතාවය පසුව එරට විමර්ශන කණ්ඩායම් වෙනත් අරමුණෙන් සිදුකර ඇති බවයි. නිසි විමර්ශනයක් හෝ අවබෝධයෙන් තොරව කරනු ලැබූවක් බවත් එසේ නොමැතිව රුසියාවට එක්සත් ජනපද ජනාධිපතිවරණයට මැදිහත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සමහර ක්‍රියාකාරීත්වයන් දෙරට අතර හොද හිත වර්ධනයට ඉවහල්වූ බවත් ඊට අමතරව දෙරට අතර යහපත් රාජ්‍ය තාන්ත්‍රික නම්බන්ධතා අවම මට්ටමන වැටී තිබුනත් එය වහාම යතා තත්වයට පත් කර ගැනීමේ වගකීමක් දෙපාර්ශවයටම අති බව ඔහු එහිදී පවසා ඇත.
කෙසේ වෙතත් ලොව ප්‍රබල රටවල් දෙක් ලෙස ගෝලීය වශයෙන් සිදුවන සමහර සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයට හා රුසියාවට එක්ව ගතහැකි යහපත් වැඩදායක කටයුතු බොහොමයක් පවතින බවද හේ එහිදී වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී පවසා ඇත.
මීට පෙර රුසියානු ජනාධිපතිවරයා මෙවැනි වාර්ෂික මධ්‍ය හමු 13ක් පවත්වා ඇති අතර එහිදී විශේෂයෙන්ම සදහන් කළයුත් මාධ්‍ය හමුව ලෙස සැලකෙන්නේ 2008 වසරේ මාධ්‍යවේදීන් 1300ක් සහභාගීත්වයෙන් පැය හතර හමාරක් පුරා පැවැති මාධ්‍ය හමුව ප්‍රකටව ඇත.