Posted on 06.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධියට අදාළව එහි කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කපිතන් වරයා රුසියානු ජාතිකයෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පැවසුවේ ඔහු අද දින කොළඹ මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි.
මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විශේෂයෙන්ම මහ මුහුදේ දී සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු විභාග බවත් එහි අනන්‍ය බලය පැවරී ඇත්තේ කොළඹ මහාධිකරණය වෙත බවත් නියෝජ්‍ය පොලිස්පති වරයා පවසා ඇත.