Posted on 10.28.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම බලකායේ සාමාජිකයන් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ ආකාරයෙන් එක රටක් එක නීතියක් යනුවෙන් සටන් පාඨය පසුගිය කාලයේ පාවිච්චි කරනු ලැබුවේ සංස්කෘතික විවිධත්වයක් සහිත ජනයාගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට සහ පාලකයන්ගේ අරමුණු වෙන්වෙන් ජාතිවාදය සහ ආගමික අන්තවාදය සමාජගත කිරීම පිණිස බව පැහැදිලි කාරණයකි.
ඥානසාර හිමිගේ අපකීර්තිමත් ‘බොදුබල සේනා සංවිධානය’ සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීපතාව ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරය දරණ සමය තෙක් අතීතයක් සහිතය. බෞද්ධ චීවරය යොදාගෙන ප්රචණ්ඩ ලෙස හැසිරෙන භික්ෂුවක් ලෙස බෞද්ධයන්ගේ අපවාදයට ලක්ව සිටින ඥානාර හිමි බොදුබල සේනා මධ්‍යස්ථානයක් විවෘත කිරීමට එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස ගෝඨාභය සහභාගි වූ අවස්ථාවක් ඉහත ඡායාරූපයේ සටහන් වේ.
එවන් පසුබිමක නීති ක්ෂේත්රයේ හෝ සමාජ සාමුහිකත්වය සම්බන්ධ කිසිදු අතීත අත්දැකීම් නොමැති ඥානසාර වැනි භික්ෂුවකගේ මූළිකත්වයෙන් ගෝඨාභය ජනාධිපතිවරයා මේ බලකායක් සූදානම් කරමින් සැරසෙන්නේ තවත් දේශපාලන සෙල්ලමකට බව විවේචනයට ලක්ව තිබේ.
එම බලකාය සාමාජිකයන් 13දෙනෙකුගෙන් සමන්විත ය.
අදාළ ගැසට් නිවේදනය මෙසේය.
