Posted on 06.18.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා රනිල් වික්රමසිංහ පත් කරන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අද පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයට රනිල් වික්රමසිංහ පත්කරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලා තිබුණි.
රනිල් වික්රමසිංහ මේ මස 22 දින පාර්ලිමේන්තුවේදී මන්ත්රී ධූරයේ දිවුරුම් දීමට නියමිතය