தமிழ்
English
Contact
Saturday 4th May 2019    
එ.ජනපදය හා චීනය අතර වෙළද යුද්ධය නව අදියරකට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එ.ජනපදය හා චීනය අතර වෙළද යුද්ධය නව අදියරකට



පසුගිය සදුදා නැවත වතාවක් ඩොලර් බිලියන 200ක් වටිනා චීන අපනයන භාණ්ඩවලට නව තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී චීන භාණ්ඩ වෙත නව තීරු වැඩි කිරීමට එ.ජනපදය පියවර ගෙන තිබුනි. ඒ පසුගිය ජුලි මස ඩොලර් බිලියන 34ක් වටිනා භාණ්ඩ සදහා නව තීරු බදු පනවමිනි.

ඉන් පසුවද අවස්ථා දෙකකදී ඩොලර් බිලියන 16ක් හා ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සදහා අමතර තීරු බදු 25 සීයයට විසිපහකින් ඉහළ දමනු ලැබීය.

දෙරට අතර වෙළද පරතරය මේ වන විට චීනයට වාසිවන තත්වයක් දක්වා වසර ගණනාවක සිට පත්ව තිබේ.

මෙf පිළිබදව දෙපාර්ශ්වය අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ගණනාවක් පැවතියක් ඒ කිසිවකින් අර්බූදය යතා තත්වයට පත්කිරීමට සමත්ව නොමැති බව වාර්තාවේ.

දෙපාර්ශ්වය අතර පවතින වෙළද යුද්ධය යළි යළිත් ඇවිද යන අතර මෙම නව තීරුබදු පැණවීමට එරෙහිව චීනයද එ. ජනපද ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සදහා ඇ.ඩොලර් බිලියන 60 තීරු බදු ඉහළ දැමීමට ඊයේ සිට ක්‍රියා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එ.ජනපදය හා චීන අතර පවතින මෙම වෙළද යුද්ධය පිළිබදව අදහස් දක්වමින් චීන බිලියන පතියකු වූ අලිබාබා සමාගමේ හිමිකරු වන ජැක් මා පවසා ඇත්තේ දෙරට අතර මෙම වෙළද යුද්ධය ඉදිරියේදී දින සති මාස ඉක්මවා වසර ගණනාවක් දක්වා ඉදිරියට යාමට ඉඩ තිබෙන බවයි.