தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
හොංකොං හා චීනය අතර අධිවේගී දුම්රිය ගමන් ඇරඹේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හොංකොං හා චීනය අතර අධිවේගී දුම්රිය ගමන් ඇරඹේ



හොංකොං හා චීනය අතර අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල ඩොලර් බිලියන 10ක් වන බව වාර්තාවේ.

මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වසර අටක් පමණ ගතවී තිබේ.

චීනයේ මේ වන විට අධිවේගී දුම්රිය ගමනාන්ත ගණනාවක් ක්‍රියාත්මකවේ. ඒ අනුව සිය අසල්වැසි හොංකොං රාජ්‍යය සමග සෘජු අධිවේගී දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීම දෙරට අතර මගීන්ට විශේෂ සහනයක් වේ.

චීනයේ මේ වන විට බීජිං හා ෂැංහයි හා තවත් නගර 44 ක් දක්වා සිය අධිවේගී දුමරිය ගමනාගමයන් පවත්වනු ලැබේ.

හෝංකොං හා චීනයේ ගුවන්ඩොන් පළාතේ ප්‍රධාන නගරය වන ගුවන්ෂෝයි දක්වා මෙම දුම්රිය ගමන පැය භාගයකින් නිම කිරීමට හැකි බව බව වාර්තාවේ. මීට පෙර මේ සදහා පැය එකහමාරක් ගතවිය.

දිනකට 80,000කට වැඩි මගීන් ප්‍රමාණයක් මේ දුම්රිය මාර්ගය භාවිතාවට ගනු ඇති බව හොංකොං බලධාරීන් පවසා තිබේ.
හොංකොං යනු බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස වසර ගණනාවක් පැවැති චීනයට අයත් කුඩා දුපතකි. පසුව චීනයට පවරනු ලැබිනි. චීනයේ එක් රටක් ප්‍රතිපත්ති දෙකක් යන ප්‍රතිපත්තිය අනුව චීනය කටයුතු කරයි.