Posted on 12.27.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
මේ වන විට හොදින් ක්‍රියාත්මක වන චීන හා පාකිස්ථානු වෙළද කටයුතු ඉදිරියේදී ඇෆ්ගනිස්ථානයද සම්බන්ධ කරගනිමින් තවත් පුළුල්ව හා ශක්තිමත්ව පවත්වා ගැනීමේ අරමුණින් චීනය පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය යන රටවල් විදේශ ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල චීනයේ බීජින්හිදී පැවැත්වේ.
මේ දක්වා චීනය හා පාකිස්ථාවය යන රටවල් දෙකට සීමාවී තිබු මෙම වෙළද කොරිඩොව ඉදිරියේදී ඇෆ්ගිනිස්ථය දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය මෙම රටවල් තුනේ විදේශ ඇමැතිවරුන්ගේ මැදිහත්වීමෙන් පවත්වා තිබේ.
එම හමුවේදී අදහස් දක්වා ඇති චීන විදේහ කටයුතු ඇමැති වෑන් වයි චීනයේ සේද මාවත ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව මේ ව්‍යාපෘතියද කඩිනමින් රටවල් තුනේ මූලික එකගතාවයන්ට අනුව සම ප්‍රථිලාභ ලැබීමේ අපේක්ෂාවෙන් දියත්වන බවයි. එසේ නොමැතිව තෙවන පාර්ශවයක් ඉලක්කකර සිදු නොවන්නක් බව චීන විදේශ ඇමැතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
ෙකෙසේ වෙතත් එක්සත් ජනපදයේ නැවත ආසියාවට හැරෙමු යන දේශපාලන හා ආර්ථික ව්‍යාපෘතිවලට චීනයෙන් එල්ල කරනු ලබන අභියෝගයක් ලෙස මෙම නව සැලසුම් හැදින් විය හැක.
මේ වන විට චීන හා පාකිස්ථානය දක්වා දිවෙන මහා මාර්ග ඉන්දන ගෙන යන මහා පරිමාණ නල පද්ධති හා අධි තාක්ෂණික කේබල් ඇතිරීම් හා දුම්රිය මාර්ග නැව් මාර්ග හා අධිවේගී මාර්ග ඇතුළු දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති සමග ඇෆ්ගනිස්ථානය සම්බන්ධ කර ගැනීමෙන් සිය කලාපීය හා ගෝලීය වෙළද කටයුතු සදහා වන නව ප්‍රවේශයක් වෙත යන ගමනේදී චීන ලබා ගන්නා දේශපාලන හා ආර්ථික උපාය මාර්ගයේ විශාල ජයග්‍රහණයක් වනු ඇති බව පෙනී යයි.