Posted on 05.26.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වීමේ සූදානම පිටුපස චීනයේ ලංකාව පිළිබද ඉදිරි සැලසුම් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙලි කරයි.
2005-2014 මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සිය අරමුණු ඉටුකර ගැනීමට මහින්ද රාජපක්ෂ කිට්ටු කරගත් චීනය මේ වනවිට වත්මන් හවුල් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හේතුවෙන් චීනයට කලාපය තුළ ඇති අරමුනු ඉටු කරගැනීමේ බාධාවන් සම්බන්ධව අවධානයෙන් සිටින බවද ඒ නිසා 2020 ජනාධිපතිවරණයේදී ආණ්ඩුව අවාසිදායක තැනකට පැමිණීම සම්බන්ධයෙන්ද ගණන් බලා ඇති බවද අපගේ ආරංචි මාර්ග පවසයි. ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැමිණීමට වඩා තමන්ට වාසිදායක පාලනයක් බිහිකර ගැනීම චීනයේ අභිලාෂය වේ. විශේෂයෙන් චීන ආයෝජන පුලුල් කරගැනීමටද ඉන්දිය සාගර කලාපය තුළ ‘තීරය හා මාවත‘ නමැති සුවිශේෂී උපායමාර්ගික ආර්ථික-භූ දේශපාලන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමටද ලංකාව තීරණාත්මක මධ්‍යස්ථානයක් බව චීන රජයේ ගණන් බැලීම වී ඇත. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය අමෙරිකානු-ඉන්දිය බල සහයෝගිතාවට පක්ෂපාති දේශපාලන ගමනක යෙදී සිටින බැවින් චීනය සිය දේශපාලන ඉත්තන් තොරාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙමින් සිටින බව පැහැදිලිව පෙනේ. නවලිබරල් ප්‍රතිසංස්කරණ හරහා වත්මන් පාලනය අධිරාජ්‍යවාදයේ බටහිර පාර්ශ්වය වෙත ලංකාව බිලිදෙමින් සිටින අතර චීනයද සිය කලාපීය භූ දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන තරගයට අවතීර්ණ වී සිීටී.
පසුගියදා ගෝඨාභය රාජපක්ෂ සිය දේශපාලන ප්‍රතිරූපය වෙනුවෙන් පැවැත්වූ ‘වියත්මග‘ සමුලුවට චීනයට අයත් ෂැන්ග්‍රි ලා හෝටලයේ පැවැත්වීමේ පසුබිම් කතාව එය බවද අනාගත පාලකයා වන්නට අපේක්ෂාවෙන් සිටින ඉත්තකු චීනය විසින් සිය ව්‍යාපෘතියට තෝරාගෙන ඇති බවද පැහැදිලිය. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ චීනයේ සංචාර කිහිපයක යෙදුනු අතර මහින්ද රාජපක්ෂ පිරිහී යන දේශපාලන ප්‍රතිරූපයක් නිසා ගෝඨාභය සිය තේරීම බවට පත්කරගෙන අැති බවද අපගේ මූලාශ්‍ර අනාවරණය කරයි. මෙම තේරීම සාර්ථක කරගැනීමට ලංකාවේ වෙනත් දේශපාලන පාර්ශ්වකරුවන් කලමණාකරණය කරගැනීමටද චීනය මේ වනවිට ප්‍රයත්න දරමින් සිටින බවද අනාවරණය වෙමින් තිබේ.