එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දුන් පසුව, ඇමතිධුර ලබාගැනීමටත් නැවත වරක් එ.ජා.ප. විසින් ප්‍රකාශයට පත්කරන ‘ඊනියා ජාතික ආණ්ඩුවක්‘ සදහා එක්වීමටත් ශ්‍රි.ල.නි.ප. මන්ත්‍රිවරු විශාල පිරිසක් පොරොත්තු ලේඛනයක සිටින බවට දේශපාලන ආරංචි මාර්ග හෙළිකරයි.
මේ වනවිට එ.ජා.ප.යෙන් රාජපක්ෂ පිලට සහාය පළකරමින් එක්වූ මන්ත්‍රිවරු කිහිප දෙනකුම නැවත එ.ජා.ප. වෙත පැමිණ සිටිති. ඊට අමතරව ශ්‍රිල.නි.ප. මන්ත්‍රිවරු, විශේෂයෙන් පසුගිය හවුල් ආණ්ඩුවේ ඇමතිධුර දැරූ ජ්‍යෝෂ්ඨයන් සහ පසුපෙළ මන්ත්‍රිවරු කිහිප දෙනකුද මෙම ආණ්ඩුවේ වරප්‍රසාද ලබාගන්නට සූදානම් වෙති.
එ.ජා.ප. නායකත්වය යටතේ ආණ්ඩුවට එක්වීමට දෙමළ ජාතික සන්ධානය එකග වී නැති නමුත් විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීමට ඇතැම් එ.ජා.ප. මන්ත්‍රිවරු හරහා සාකච්ඡා ඉදිරියට යමින් තිබේ. අපගේ මූලාශ්‍ර හෙළිකරන ආකාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුදැනුම ඇතිව රාජපක්ෂ කණ්ඩායම වෙත සහාය දක්වමින් ඉවත්ව ගිය ඇමතිවරුද මෙසේ ආණ්ඩුවට එකතුවන්නට සූදානමින් සිටිති. මේ ආකාරයට රාජපක්ෂ-මෛත්‍රි තාවකාලික හවුලෙන් වෙන්ව එ.ජා.ප. ආණ්ඩුවට එක්වන්නට සිටින මුලු ගණන විස්සකට වැඩි බව ඔවුන් පොරොත්තු ලේඛනයක් ලෙස තබා ගෙන සාකච්ඡා ආරම්භ කර ඇති බවද එ.ජා.ප. ආරංචි මාර්ග හෙළි කරයි.