වතු කම්කරුවෝ 1500ක් ඉල්ලති – CWC, හාම්පුතුන් 1000 ගැන සාකච්ඡා!

වතු කම්කරු ඉල්ලීම් ගැන ලංකා කම්කරු කොංග්‍රසය සහ හාම්පුතුන්ගේ සංගමය අතර අද(16) තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටු රු.1000ක් බවට පත්කළ යුතුය යන ඉල්ලිම සම්බන්ධයෙන් දින 8ක වැඩ වර්ජනයෙන් පසුව හාම්පුතුන්ගේ සංගමය එයට එකග වූයේ නැත. නමුත් ජනාධිපතිවරයා 19 වැනිදා සාකච්ඡාවකින් විසදුම් ලබා දෙන බවට පොරොන්දුවී වැඩ වර්ජනය අවසන් කරන්නට මැදිහත් විය. අද දින සාකච්ඡාවේ අරමුණ වන්නේ ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවකට පෙරාතුව රු.1000 දෛනික වැටුපක් සදහා වත් හාම්පුතුන් එකග කරවා ගැනීම බව දැනගන්නට ඇත.

2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගන් වතුකම්කරුවන්ට දුන් පොරොන්දුවක් ලෙස මෙම දෛනික වැටුප තවමත් ලබා දී නැත. මේ වනවිට ‘වතු කම්කරු මධ්‍යස්ථානය‘ විසින් රු 1500ක් වියයුතු බවට ඉල්ලීමක් කම්කරුවන් සමග උද්ඝෝණිකව ඉදිරියට ගෙනැවිත් ඇත. එහෙත් ලංකා කම්කරු කොංග්‍රසය එම ඉල්ීම් නොතකා තවමත් 2015 ඉල්ලූ රු.1000 සීමාවේ සාකච්ඡා කරමින් සිටී.

Chandana Sirimalwatte :