එ.ජා.ප. මන්ත්‍රි චමින්ද විජේසිරි අධිකරණයට භාර වෙයි!

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොස්තාපල්වරයකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසියෙන් කට්ටි පනිමින් සිටි බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි අද (13) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබේ.

පෙබරවාරි 10 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජීප්රියක් බණ්ඩාරවෙල නගරයේදී මන්ත්‍රිවරයාගේ රථය පසුකර යාමෙන් පසුව ලුහුබැද ගොස් ඇතිවූ ආරවුලකදී රථය පැදවූ කොස්තාපල්වරයාට පහරදීම නිසා ඔහු තුවාල ලැබීමෙන් රෝහල්ගත කර තිබේ.  පසුව මන්ත්‍රි විජේසිරිගේ රියැදුරාද පොලිස් කොස්තාපල්වරයා පහරදුන් බව පවසමින් දියතලාව රෝහලට ඇතුලු වී ප්‍රතිකාර ගෙන ඇත. මෙම  පහරදීමේ සිදුවීමට චෝදනා ලැබූ මන්ත්‍රි චමින්ද විජේසිරි පොලිසිය මගහරිමින් සිටින බව අධිකරණයට දන්වා සිටි අතර අද ඔහු නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් විය.

Chandana Sirimalwatte :