Posted on 03.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වැටුප් වැඩි කිරීම ඇතුළු ලාංකිය වැඩකරන ජනයාගේඉල්ලීම් 12ක් මුල්කර ගෙන කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් කැඳවන ලද විරෝධතා උද්ඝෝෂණයක් සහ විරෝධතා රැලියක් අද(28) කොළඹදී පැවැත්විණි.
කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් රගහල අසළින් පස්වරු 2.00ට ආරම්භ කළ විරෝධතා පාගමනට ප‍්‍රධාන පෙළේ වෘත්තිය සමිති රැසක නියෝජිතයෝ සහභාගි වූහ. වැඩකරන ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ එම විරෝධතා පාගමන අවසානයේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරි පිට පැවැති වෘත්තීය සමිති ඒකාබද්ධ විරෝධතා රැස්වීමේදී වෘත්තිය සමිති නායකයෝ වැඩකරන ජනයාගේ ඉල්ලීම් දිනාගැනීමෙස් දිශානතිය සම්බන්ධ අදහස් දැක්වූහ.
මෙම විරෝධතාවට එක්වූ වෘත්තිය සමිති හා කම්කරු සංවිධාන මෙසේය.
කම්කරු අරගල මධ්‍යස්ථානය
පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය
ප‍්‍රගති ගුරු සංගමය
ලංකා ගුරු සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
වතු කම්කරු මධ්‍යස්ථානය
රජයේ පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
රජයේ දන්ත ද්‍ය නිළධාරීන්ගේ සංගමය
සමස්ත ලංකා රජයේ ද්‍ය නිළධාරීන්ගේ සංගමය
රක්ෂණ සේවක සංගමය
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය
උපාධිධාරි සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය එකමුතුව
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය
ජනරජ සෞඛ්‍ය සේවක සංගමය
තරුණ නීතීඥයන්ගේ සංගමය