தமிழ்
English
Contact
Saturday 4th May 2019    
හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා එක් දින වැඩ වර්ජනයක ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා එක් දින වැඩ වර්ජනයක !



හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් හෙට (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් 16ක් මුල්කරගෙන  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති 16ක් මෙම වැඩවර්ජනයට එක් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පුංචි බොරැල්ලේ පිහිටි එම සංගම් කාර්යාලයේදී අද (7) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 ඒ අනුව රජයේ රෝහල්වල හෙද සේවාවන්, ඖෂධ නිකුත් කිරීම්,  එක්ස් කිරණ පරීක්‍ෂණ, ස්කෑන් ආදී රෝග හඳුනාගැනීමේ පරීක්‍ෂාවන්, ඇස්,  දත් පරීක්‍ෂා කිරීම්, ශල්‍යාගාර කටයුතු ආදී සේවාවන් රැසක් අඩපණ වනු ඇත.

මෙම වැඩවර්ජනය අනිද්දා (9) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවන්හි පමණක් නිරත වන බව ද ඔහු සඳහන් කළේය.