தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ගුරු-විදුහල්පති අයිතීන් වෙනුවෙන් මාර්තු 13 වැඩවර්ජනයට සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු-විදුහල්පති අයිතීන් වෙනුවෙන් මාර්තු 13 වැඩවර්ජනයට සූදානම්!



ගුරුවරුන්, විදුහල්පතිවරුන් මුහුණ දෙන වැටුප් ගැටලුව හා පාසල් අධ්‍යාපනයේ අනෙකුත් ගැටලු මිලුකරගෙන ගුරු වෘත්තිය සමිති ගණනාවක් මාර්තු 13 වැඩ වර්ජනයට සූදානම් වෙති.

වසර 22ක් තිස්සේ වැටුප් කප්පාදුවක් පවතින අතර බී.සී.පෙරේරා කොමිසම ඇතිකළ වැටුප් විෂමතාව ඇතුලු ඉල්ලීම් ගනනාවක් වෙනුවෙන් මෙම ගුරු-විදුහල්පති අරගලය පෙබරවාරි 28 වැනිදා ආරම්භ විය. ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති 22ක් නියෝජනය කරන ගුරුවරු හා විදුහල්පතිවරු මේ අනුව මාර්තු 13වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් රට පුරා සියලුම පාසැල් එදින වසා දැමීමට සිදුවනු ඇත.

එදින වැඩවර්ජනයට සහාය පළ කරමින් එක්ව ඇති ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති මෙසේය.

ලංකා ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ඒකාබද්ධ ගුරුසේවා සංගමය, නිදහස් ලංකා පුරෝගාමි ගුරු සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, ශ්‍රේණිධාරි විදුහල්පති සේවා සංගමය, ගුරු විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්ත ලංකා උපාධිධාරි ගුරු සංගමය, ලංකා ගෘහවිද්‍යා හා ඩිප්ලොමාධාරි ගුරු සංගමය, ශ්‍රි ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය, කදුරට ගුරු පෙරමුණ, ජාතික ගුරු සභාව