Posted on 10.20.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කෝවිඩ් වසංගතයේ 3 වැනි රැල්ල හේතුවෙන් ජූනි මස පනවනු ලැබූ පළාත් අතර ක්‍රියාත්මක සංචාරණ සීමා ඔක්තෝබර් 31 වැනිදා දක්වා දීර්ඝකර ඇත.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත්තේ පළාත් සංචරණය 31 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දුන් බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි..
කෝවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ගෙන තිබුණු තීරණය අනුව, පළාත් අතර සංචාරණ සීමා අවසන්වීමට නියමිතව තිබුණේ හෙට (21) දිනයේය.
මේ ආකාරයෙන් සංචරණ සීමා පැනවීම හෝ ඒවා ඉවත් කිරීමේදී විශෞෂඥ කමිටු තීරණ ලෙස නොව, දේශපාලන නායකත්වයේ අවශ්‍යතා පිළිබිඹු කළේ වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිටය. වසංගතය රට තුළට පැමිණ ඇති බව වාර්තා වූ අවස්ථාවේ මහමැතිවරණය වෙනුවෙන් දේශපාලන තීරණ අනුව නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හා ලිහිල් කිරීම සිදුකරණ ලදී.
මේ වසරේ අප්‍රේල් මාසයේ අවුරුදු උත්සව සමයේ සංචරණ සීමා පැනවීමට විශේෂඥයන් ආණ්ඩුවට උපදෙස් දුන් නමුත් එය නොතකා හැරීම හේතුවෙන් තුන්වන රැල්ලක් ව්‍යාප්ත විය. ඒ නිසා ඉක්මනින් සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීති පැනවීමට රට තුළ විශාල ඉල්ලීඹක් තිබියදීද එම පියවර නොගැනීම දේශපාලන වාසි පිණිස ගත් තීරණ බව විවේචනයට ලක්ව ඇත.
මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තවදුරටත් සංචරණ සීමා පවත්වාගෙන යාමට ගන්නා තීරණයද දේශපාලන තීරණයක් මිස විශේෂඥ උපදෙස් මත ගත් තීරණයක් නොවේ.