Posted on 12.11.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඕස්ට්‍රේලියානු සමාගමක් වන ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම මන්නාරමෙහි යෝජිත ඉල්මනයිට් වැලි කැණීමේ ව්‍යාපෘතියක් සදහා අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ පවසන පරිදි මෙම සමාගම අවම වශයෙන් වර්ග කිලෝමීටර් 240 ක භූමි ප්‍රමාණයක් ලබාදෙන ලෙස එනම් තලෙයිමන්නර් සහ පෙසාලේ හි ස්ථාන 3 ක පතල් කැණීමට අනුමැතිය ඉල්ලා සිටී.
මෙම සමාගම පවසා ඇත්තේ තමන්ට ගවේෂණ බලපත්‍ර 9 ක් ඇති බවයි. එසේම ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොලේ කොටස් විකිණීමේදී ලොව 4 වන විශාලතම ඉල්මනයිට් නිධිය වෙත තමන්ට ප්‍රවේශය ලැබී ඇති බව පවසමින් සිටින බවද පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයා පවසයි. ඔහු පවසන පරිදි මෙම ඕස්ට්‍රේලියානු සමාගම 2015 සිට මේ ප්‍රදේශයේ ගවේෂණ සිදු කර ඇත්තේ ඔවුන් ප්‍රදේශයේ මිරිදිය ජලය ලබා ගත හැකි බව පවසමිණි.