Posted on 01.09.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
ඕස්ට්‍රේලියාවේ පවතින අධික ශුෂ්ක කාලගුණය හමුවේ ජලය හිඟවීම නිසා වැඩිපුර ජලය පරිභෝජනය කරන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ට්‍රේලියානු ආදිවාසීන් නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භ වී ඇත.
ඔටුවන් මරා දැමීමට ආදිවාසී නිලධාරින් තීරණය කළේ තීරණය කළේ ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව බව වාර්තාවේ.
ඔටුවනට ජලය නොමැතිව දින ගණනක් සිටිය හැකි වුවද විශාල ජල ප්‍රමාණයක් එකවර පානය කරන බව පැවසේ.
වියළි කාලගුණයත්, පැතිර යන ළැව් ගිනි තත්ත්වයත් හේතුවෙන් කැන්යිප් ඇබොරිජින්ල් වැසියන් ජීවත්වන පළාතේ ජලාශ සහ පොකුණුවල ජලය තවත් අඩු වී ඇත.
ඔටුවන්ට අමතරව වෙනත් වන සතුන්ද ජලය සොයමින් සැරිසරමින් සිටීම විශාල ගැටළුවක් බවට පත්ව තිබේ. වනසතුන් බොහෝ දෙනකු මේ වන විට ජලය නොමැතිව මියගොස් ඇතැයිද පැවැසේ.
මධ්‍යම සහ බටහිර ඕස්ට්‍රේලියාවේත්, උතුරු පළාත්වලත්, දකුණු ඕස්ට්‍රේලියාවේත්, ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේත් ශුෂ්ක කාන්තාරබද ප්‍රදේශවලත් ඔටුවෝ නිදැල්ලේ වාසය කරයි.