Posted on 01.29.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගන්නා ඔස්ට්‍රේලියානු ජාතිකයන් ක්‍රිස්මස් දූපතට යවන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.
ඔස්ට්‍රේලියානු ජාතිකයන් 600කට ආසන්න පිරිසක් හුබෙයි පළාතේ සිටින බවත් කඩිනමින් ඔවුන් මුදාගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පවසන ලදදේ කැන්බෙරා නුවරදී මාධ්‍යවේදීන් අමතමිනි .
ඉතාමත් අවදානමක් සහිත සහ දීර්ඝ බෝට්ටු ගමන් මඟින් අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් රඳවා තැබෙන්නේ ක්‍රිස්මස් දූපතේය. එය ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට වඩා කිලෝ මීටර් 1550ක දුරකින් ඉන්දුනීසියාවට අයත් ජාවා දිවයිනට කිලෝ මීටර් 350ක ආසන්නයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇත.
හුබෙයි පළාතෙන් සහ වූහාන් නගරයෙන් මුදාගන්නා ඔස්ට්‍රේලියානු ජාතිකයන් ක්‍රිස්මස් දූපතට යොමු කරන බවත් දින 14ක් ඔවුන් රඳවා තබාගෙන නිරෝධායනයට ලක් කරන බවත් කැන්බෙරා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් අග්‍රාමාත්‍ය මොරිසන් කීවේය.