Posted on 05.05.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොඩිඩ් 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට සහයෝගය දැක්වීම සඳහා ඕස්ට්‍රේලියව ඩොලර් මිලියන 1.5 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම්වලට හා ප්රජාවන්ගේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීමට මාර්තු 5 වන දින සිට ඕස්ට්‍රේලියා රජය කඩිනමින් පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඕස්ට්‍රේලියා මඟින් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපකරණ සහ වෙනත් සහාය ලබා දී ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව, ජාතික රසායනාගාර සහ රෝගී සිදුවීම කළමනාකරණය ශක්තිමත් කිරිම සඳහා වෛද්‍ය උපකරණ, ඉදිරි පෙළ සේවකයින් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ, සිද්ධි කළමනාකරණ සඳහා දත්ත රැස් කිරීම සඳහා නිලධාරීන් භාවිතා කළ යුතු තොරතුරු තාක්ෂණ උපකරණ, කොවිඩ් වැලැක්වීමේ පණිවිඩ ඇතුළු අවදානම් සන්නිවේදන ව්‍යාපාරයක්, අඟුල් දමා ඇති ප්‍රදේශවල කාන්තාවන්ට සහ පවුල් සඳහා සනීපාරක්ෂාව තහවුරු කිරිමට සනීපාරක්ෂක භාණ්ඩ හා මඩලකලපුවේ පවුල් 3000 කට වියළි ආහාර සලාක ලබා දීම මේ අතර ඇතුළත්ය.