தமிழ்
English
Contact
Sunday 22nd May 2022    
ඕස්ට්‍රේලියාවේ මැතිවරණයෙන් ලාංකික කාන්තාවක් ජය ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඕස්ට්‍රේලියාවේ මැතිවරණයෙන් ලාංකික කාන්තාවක් ජය ගනී!



මෙවර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග වැදුණු ශ්‍රී ලාංකිකයෙකු වන කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කළා ය.

පේස්ට්‍රි සූපවේදිනියක ලෙස කටයුතු කරන 34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව බවට පත්වනු ඇත. 1999 වසරේ සිය මව්පියන් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විට ඇයගේ වසය වයස අවුරුදු 11 කි.

ඇය, ලේබර් සාමාජිකාවක් ලෙස, ඉංග්‍රීසි භාෂාව කථා නොකරන සංක්‍රමණිකයන් සහ සරණාගතයන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර සාධාරණ වැටුපක් සහ රැකියාවේ නිරත වීම සඳහා සාධාරණ කොන්දේසි ලබා ගැනීම සඳහා මෙන්ම සිල්ලර සහ ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්තවල සේවකයන් වෙනුවෙන් පෙනී සිටින්නීය.

මෙම මැතිවරණයේදී වික්ටෝරියා ප්‍රාන්ත ආසන සඳහා එම ප්‍රාන්තයේ ජීවත්වන ලාංකිකයන් තුන්දෙනෙකු තරග කර තිබේ. ලිබරල් පක්ෂය නියෝජනය කළ රාන්ජ් පෙරේරා, ජයගත් කැසන්ඩ්‍රා සමග තරග කර පරාජයට පත් වූයේ ය. ප්‍රකාශ වූ ඡන්ද සංඛ්‍යාවෙන් 57.5% ක් ලබා ගනිමින් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඡන්ද40,187 ලබා ගත්තාය. රාන්ජ් පෙරේරා ඡන්ද 29,732ක් එනම් 42.5% ප්‍රතිශතයක් ලබා තිබිණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්කලින් අසුනට ලිබරල් පක්ෂයෙන් තරග කළ අනෙක් ලංකිකයා වන විරොෂ් පෙරේරා ඡන්ද සංඛ්‍යාව 17,385 ලබා ගත් නමුත් එම අසුන ජයග්‍රහණය කළේ ඡන්ද 33,604ක් ලබා ගත් කම්කරු පක්ෂයේ ගිලස් ඇන්ඩෲ ය.