Posted on 03.11.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා එහි සේවකයින් 05 දෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට එරෙහිව එහි සේවකයෝ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. මීට පෙර ඔවුන් ආරම්භ කර තිබූ විරෝධතාවයට අදට දින 60ක් සම්පූර්ණ වී තිබේ.
බ්‍රිතාන්‍යයට අයත් ආයෝජන ව්‍යාපෘතියක් වන මෙම කර්මාන්තශාලාවට අයත් තවත් කර්මාන්තශාලා 05 ක් ඇති අතර, මෙම කර්මාන්තශාලාවේ පමණක් සේවකයෝ 1200 ක් පමණ සේවය කරමින් සිටිති. මෙම සේවකයින් තම සේවක වෘත්තීය සමිතිය පිහිටුවා වසර දෙකක් සපිරීම නිමිත්තෙන්, ඉකුත් 2015 වසරේ සැප්තැම්බර් මස ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කර, ඒ පිළිබඳව දැන්වීමක් සේවක නිර්මාණ ඉදිරිපත් කරන “කැටපත් පවුර” නැමැති දැන්වීම් පුවරුවේ අලවා තිබේ.
මෙයට උරණ වූ කම්හල් පාලනාධිකාරිය ඊට මුල් වූ සේවක වෘත්තීය සමිතියේ නායකයින් 05 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කරණ ලදී. ජනවාරි 11 වැනි දින උදෑසන 8.00 ට මෙම කම්හලේ මානව සහ පිරිස් පාලන අංශයට මෙම සේවකයන් කැදවූ කම්හල් පාලනාධිකාරිය විනය පරීක්ෂණයේ අවසාන නිගමනය ප්‍රකාශයට පත් කරමින් සේවකයන් 05 දෙනා සේවයෙන් නෙරපා හැර තිබේ.
මෙම කම්හල් පාලනාධිකාරිය ආරක්ෂක අංශය ඇතුළු අනෙකුත් කාර්යාලීය නිලධාරී පුරප්පාඩු සදහා විශ්‍රාමික පොලිස් සහ හමුදා නිලධාරීන් බදවා ගනිමින් කම්හල තුළ හමුදා පරිපාලනයක් ඇති කරමින් සේවකයින් පීඩනය පත් කිරීමට ද උත්සාහ ගන්නා බවට ද මෙම සේවකයෝ චෝදනා කළහ. මෙසේ අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ මෙම වෘත්තීය සමිති නායකයන් යළි සේවයේ පිහිටුවන තුරු මෙසේ අඛණ්ඩව අරගල නිරත වෙමින් සිටියි.