தமிழ்
English
Contact
Sunday 5th May 2019    
වටවල ප්ලාන්ටේෂන් කම්කරුවෝ 1000 අරගලයට එක් වෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වටවල ප්ලාන්ටේෂන් කම්කරුවෝ 1000 අරගලයට එක් වෙති!



ගාල්ල නාකියාදෙනිය පිහිටුවා ඇති පාම් ඔයිල් වතුයායේ කම්කරුවෝ රු. 1000 අවම දෛනික වැටුපක් ඉල්ලා ගෙන යන අරගලයට එක් වෙමින් ගාල්ල නගරයේ සත්‍යග්‍රහයක යෙදී සිටිති.
ඊයේ (1) ගාල්ල නගරයේ සත්‍යග්‍රහයට වාඩි වූ මෙම වතු කම්කරුවෝ පසුගිය ජනවාරි 23 වැනිදා වතුකම්කරුවන්ගේ අරගලය සවිමත් කරමින් ‘1000 ව්‍යාපාරය’ විසින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයේ සහයෝගය අපේක්ෂා කරති. රු. 1000ක අවම දෛනික වැටුප වෙනුවෙන් සාධාරන අරගලය තුළ තමන්ද සිටින බව ඔවුහු අවධාරනය කළහ.