Posted on 04.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විශ්ව විද්‍යාල පාලනයේ අනුදැනුම ඇතිව පසුගිය ජනවාරි 8 දින ආරක්ෂක අංශ විසින් මැදිහත්ව විනාශ කළ යාපන විශ්ව විද්‍යාලයේ ස්මාරකය නැවත ඉදි කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් අද (23) පෙරවරුවේ විවෘත කරනු ලැබිණි.
යුද්දයෙන් මියගිය අය සිහිකිරීම සඳහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ඉදි කළ ස්මාරකය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරයක් තොරව ඉදි කළ බව චෝදනා කරමින් ආරක්ෂක රැකවල් මැද ඩෝසරයකින් කඉා විනාශ කළ අතර, විශ්ව විද්‍යාල පරිපාලනයේ අනුග්‍රහය ඇතිව එය නැවත ඉදිකිරීම ජනවාරි 15 වැනි දා ආරම්භ කෙරිණි.