Posted on 05.02.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) අද(2) දිනයේ පමණක් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගත් ගණන 1843ක් බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
පසුගිය උත්සව සමයේ ජනතාව විවිධ අවශ්‍යතා වෙනුවෙන් නිදහසේ සැරිසැරීම මීට හේතුව බවට ආණ්ඩුව චෝදනා කරන නමුත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ආණ්ඩුව මීට වගකිව යුතු බවයි. අප්‍රේල් 8 වැනිදා පමණ නව කොරෝනා ප්‍රභේදයක් ලංකාවේ පැතිර යන බව පවසමින් අවශ්‍ය පාලනයක් වෙත යාමට කළ දැනුම් දීම් ආණ්ඩුව සළකා බලා නැති අතර ආර්ථිකය පවත්වා ගෙන යාමේ අදහසින් වසංගතය ව්‍යප්ත වෙන බව දැන දැනම ජනාධිපතිවරයා පවා කියා සිටියේ සීමා කිරීම් කරන්නට සූදානමක් නැති බවය.
දේශපාලන නායකයන් වරප්රසාදලත් පිරිසක් ලෙස කොරෝනා එන්නත පවා ලබා ගෙන ඇති නමුත් මේ වනවිට සාමාන්‍ය ජනතාවට රෝහල් ඇඳක් පවා සොයාගැනීම අභියෝගයක්ව ඇත. රෝගී තත්වය හඳුනාගත් පුද්ගලයන් පවුලේ අය සමග නිවසේ රඳවා තැබීඹ මේ දිනවල සිදුවන අතර ඒ හේතුව නිසා පවුලේ සාමාජිකයන් කොරෝනා රෝගීන් බවට පත්වීමේ අවදානම ඉහළම අගයක ඇත.
රටේ නායකත්වයට රෝගයේ පීඪාව නැති නමුත් සාමාන්‍ය ජනතාවට එය ඒදිනෙදා ආහාර වේල, ඉඳුම් හිටුම්වල සිට ගැටලුවක් බවට පත් වෙමින් තිබේ.