Posted on 12.05.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ ගොනු කළ පෙත්සම හා ඒ සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) පෙත්සම්කාර පාර්ශ්වයන්ට අවසර ලබා දුන්නේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් ලැබ සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රිපාල විසින් ජනාධිපති සමාව ලබා දීම බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කරණ ලදී. ඒ අනුව මෙම පෙත්සම් දෙකෙහි වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කිරීමටද අධිකරණයේ අවසරය ලබා දෙන ලදී.
ඒ හිමියන්ට ජනාධිපති සමාව දීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව සන්ධ්‍යා එක්නැලිගොඩ විසින්ද එහිදී අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන්ද දක්වා සහන ඉල්ලන ලදී. එම ජනාධිපති සමාව තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතීන් උල්ලංඝනව වී ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.