කන්තලේ ගැටුමේදී පොලිසියට පහරදුන් ප්‍රාදේශීය දේශපාලනඥයා අත්අඩංගුවට!

කන්තලේ වැව ආශ්‍රිතව හටගත් ගැටුමකදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කන්තලේ වැවේ දියනාමින් සිටි කාන්තාවන්ට උසුලු විසුලු කිරීමකින් පසුව පහරදීමක් සිදුව ඇති අතර ඉන්පසුව බීමත්ව පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඔවුන්ට පහරදී එහි සිටි කාන්තාවකට හිරිඑහැර සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි. දියනාමින් සිටි පිරිස කන්තලේ පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුගේ පවුලේ සමාජිකයන් සහ ඥාතීන් බවද සිද්ධිය සම්බන්ධ දැනගැනීමෙන් පසුව ඔවුන් ස්ථානයට පැමිණි පසුව ඔවුන්ට ද එම පිරිස පහරදී තිබේ.

මෙම පහරදීමේදී තුවාල ලැබූ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු ඇතුලු පිරිසකට චෝදනා ඒල්ල වී ඇත. සිදුවීමේදී තුවාල ලබා සිටින බව කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා සහ තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබති.
 

Chandana Sirimalwatte :