කරදියාන කුණු කන්ද නාය යාමේ අවදානමක් – අවට ජනතාවට ඉවත්වන ලෙස උපදෙස්

කරදියාන කුණු කන්ද නාය යාමේ අවධානමක් පවතින බැවින් ඉවත්වන ලෙස ඒ අවට ජනතාවට දැනුම් දී තිබේ.

පසුගිය අප්‍රේල් මස 12දා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් සහ පොලිස් නිලධාරීන් ඇතුලු පිරිසක් පැමිණ කරදියාන කුණු කන්ද නාය යා හැකි බව පවසා ඒ අවට ජිවත්වන නිවාස 15ක පමණ ජනතාවට ඉවත්වන ලෙස උපදෙස් දී ඇත.

මෙම කුණු කන්ද මොරටුව, පිලියන්දල සහ රත්මලාන නගරවලට යාබද ව වේරැස් ගඟ ආශිත ව පිහිටා ඇත. කුණු කන්ද අවට ජීවත්වන ජනතාවට තමන්ගේ නිවෙස්වලින් ඉවත්වී අසල පන්සලකට ගොස් නවාතැන් ගන්නා ලෙස පැමිණි නිලධාරීන් දැනුම් දී තිබේ.

මෙම ප්‍රදේශයේ කුණු ගොඩ ගැසීම හේතුවෙන් මතුවන පරිසරයට සහ ජනජීවිතයට එල්ලවන බලපෑම්වලට එරෙහිව කුණු ගොඩ ගසන එක නවතා දමන ලෙස ඉල්ලමින් ඒ ප්‍රදේශයේ ජනතාව 2005 වසරේ සිට අරගලයක නිරතවෙමින් සිටියි. මෙම ප්‍රශ්නය නැවත මතුවුයේ 2017 වසරේ අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කුනු කන්ද නායයාමේ ඛේදවාචකයත් සමග ය.

එහෙත් ඔවුන්ගේ ඉල්ලීම්වලට කන් නොදුන් බලධාරීන් හදිසියේ පැමිණ පිටවී යාමට අනතුරු ඇඟවීම පිළිබද ඒ අවට ජනතාව කෝපය පළ කර ඇති බව වාර්තා වේ.

Sithara Sajeewani :