Posted on 10.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අතුරුදන්වූ එම ළමුන්ගේ දෙමව්පියන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (15) නියම කර තිබේ.
එසේම එදිනට වගඋත්තරකාර නීතිපති සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කෙරිණි.