Posted on 12.27.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කව්ඩුලු වැවට අපද්‍රව්‍ය මුදා හරින මහා පරිමාණ ඌරු ගොවිපලට හා වසර ගනනාවක් තිස්සේ පීඩා ඇතිකරන කුණු කන්ද වහා ගම්මානයෙන් ඉවත් කරන ලෙසත්, වන අලි තර්ජනයට ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසට බල කරමින් රොටවැව, රත්මලේ හා මැදිරිගිරිය ජනතාව විරෝධතාවක නිරත වූහ.
ඔවුහු ඊයේ (26) මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයට පිවිසී පැවැත්වූ උද්ඝෝෂණය නිසා පොලොන්නරු ප්‍රධාන මාර්ගෙය් පැයක් පමන වාහන ගමනාගමනය සමිපූර්ණයෙන් අවහිර විය. විරෝධතාවට එකවූ ජනතාව මාස 3 කට පෙර ගෙන ගිය විරෝධතාවයේදී කසළ කන්ද සමිපූර්ණයෙන් ඉවත් කරන බවට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලිඛිතව පොරොන්දුව ඉටු නොකිරීම ගැන කෝපය පළ කළහ. ඉන්පසුව සහ සහකාර පොලිස් අධිකාරීර වරයා උසාවි නියෝගයක් හරහා දින 3 කින් ඌරු ගොවිපල ඉවත් කරන බවට ලබාදුන් පොරොන්දුවෙන් පසුව අයිතීන් උදෙසා ජනතා ව්‍යාපාරය ආරම්භ කළ පොදු ජනතා අරගලයේ පලමු පියවර ජයග්‍රාහිව අවසන් කෙරිණි.