කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 48 දෙනෙකු මියයති

ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවර ඊයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෝ 48 මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් නගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටි අධ්‍යපන ආයතනයක් ඉලක්කකර මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකර ඇති බව වාර්තවේ.
මෙම ්‍රහාරයේ වගකීම

පසුගිය සති අන්තයේ උපායමාර්ගික වැදගත් කමකින් යුත් ගස්නි නගරයට එල්ලවූ තලේබාන් ප්‍රහාරයෙන් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයින් හා සිවිල් වැසියන් 100කට වැඩි පිරිසක් මියගිය අතර තවදුරටත් නගරයේ ගැටුම් වරින්වර පවතින බව වාර්තාවේ.

මෑතක සිට ඇෆ්ගනිස්ථානයේ තගේබාන් ප්‍රහාර දැඩි කර තිබෙන අතර ආසන්න කාලය තුල පමණක් පුද්ගලයෝ දහසකට ආසන් පිරිසක් ඝාතනය විය.

Madanayaka :