කාල් මාක්ස්ගේ ලන්ඩනයේ සොහොන් කොතට අලාභ හානි කරයි

විප්ලවවාදී දාර්ශනික කාල් මාක්ස්ගේ සහ ඔහුගේ සහකාරිය වූ ජෙනී මාක්ස්ගේ සොහොන් පිහිටි බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර හයිගේට් සුසානභූමියේ සොහොන් කොතට දෙවැනි වරටත් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පෙබරවාරි 5 වැනිදා මෙම සොහොන් කොතේ විස්තර සටහන සහිත කිරිගරුඩ පලකයට පහර දී එය පිළිසකර කළ නොහැකි හානියක් සිදුකර තිබිණි. ඒ පිළිබද සොහොන් භූමිය භාරකරුවන් කණගාටුව පල කර ඇතිනමුත් පෙබරවාරි 15 වැනිදා නැවතවරක් එම සොහොන් කොතේ වෛරී ප්‍රකාශ සටහන් කරමින් හානි කර ඇති ආකාරය වාර්තා විය.
මෙම සොහොන් කොත ආරක්ෂා කරගැනීම හුදු කොමියුනිස්ට් දර්ශනය පිළිබද කාරණයක් ලෙස නොසැළකිය යුතු බවද එය මාක්ස් සහ මාක්ස්වාදය පිළිගන්නවුන් පමණක් නොව සමස්ත මානව සමාජයේ ගරුත්වය පිළිබද ප්‍රශ්නයක් බව සිදුවීම හෙළා දකිමින් විවිධ රටවල දේශපාලන මත දක්වන්නන් අදහස් පළ කර තිබිණි. දේශපාලන අදහස්වලට විරුද්ධ වීම හා විවේචනය කිරීම කෙනෙකුගේ අයිතියක් වුවද දේශපාලන අදහස් නිසා සෙසු මතවාදයන්ට හා ඒවා පිළිගන්නා මිනිසුන්ට පහරදීම, අවමන් කිරීම මෙන්ම සොහොන්වලට හානි කිරීම මනුෂ්‍යත්වය පහත් තත්වයකට ඇද දැමීමක් බව ඔවුන්ගේ අදහසය.

විරෝධතා පාඨ ඉවත් කිරීම
පෙබරවාරි 5 වැනිදා පලකයට සිදුකළ හානි

Chandana Sirimalwatte :