தமிழ்
English
Contact
Tuesday 21st May 2019    
කාල නීර්ණයට යැවූ මන්නාරම අස්ථි කොටස් 1499-1719 කාලයට අයත් බවට වාර්තාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාල නීර්ණයට යැවූ මන්නාරම අස්ථි කොටස් 1499-1719 කාලයට අයත් බවට වාර්තාවක්



මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719 කාලයට අයත් බවට අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා මගින් කියැවෙන බව වාර්තා වේ .

බීටා ඇනලටික් ආයතනයෙන් එවා තිබූ කාබන් කාල නිර්ණය වාර්තා මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා අද (7) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා ඒ බව දැනුම් දුන්නේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මන්නාරම සමූහ මිනීවලේ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදීය.

අස්ථි සාම්පල හයක් ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලද්දේ පසුගිය ජනවාරි මස 26 වැනි දා ය.