தமிழ்
English
Contact
Tuesday 21st May 2019    
මන්නාරම සමූහ මිනීවල ගැන සාකච්ඡාවක් අද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්නාරම සමූහ මිනීවල ගැන සාකච්ඡාවක් අද



මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු සිදුකිරීම සම්බන්ධ සාකච්ඡාවක් මන්නාරම මහේස්ත්‍රාත් පී. සරවනරාජාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(22) පැවැත්වීමට නියමිතව ඇත.

මිනීවලේ අස්ථි සාම්පල සම්බන්ධ කාල නිර්ණ වාර්තා මාධ්‍යට නිකුත් කිරීමෙන් පසු, පසුගිය 08 වැනිදා මන්නරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියේ සමූහ මිනීවලේ කැනීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන බවයි.

මාධ්‍ය වෙත නිකුත් කළ කාබන් කාල නිර්ණ වාර්තාවට අනුව අදාල අස්ථි කොටස් ක්‍රිස්තු වර්ශ 1450ත් 1650ත් අතර කාලයයට අයත් බව පැවසිනි. නමුත් පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසක් සඳහන් කර සිටියේ එම පරීක්ෂණ වාර්තා මගින් නිශ්චිත කාල සීමාවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙතෙක් සිදුකළ කැනීම්වලදී මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් සොයාගෙන ඇත. ඒ අතර ළමුන් 30කගේ අස්ථි කොටස් ද වේ.