தமிழ்
English
Contact
Tuesday 21st May 2019    
මන්නාරම් සමූහ මිනිවලේ කැණීම් නවතී - ඉදිරි පියවර සාකච්ඡා මාර්තු 20 | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්නාරම් සමූහ මිනිවලේ කැණීම් නවතී – ඉදිරි පියවර සාකච්ඡා මාර්තු 20



මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල අසළ සොයාගත් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (08) සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා විසින් නියෝග කරණ ලදී.

මන්නාරම සමූහ මිනිවලේ ඇටකටු සාම්පත 6ක සම්බන්ධයෙන් කාල නිර්ණය කල එක්සත් ජනපදයේ ‘බීටා ඇනලිටික්ස්’ ආයතනය විසින් එම ඇටකටු ක්‍රි ව. 1400-1600 අතර කාලයේ බව නිර්ණය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹ ඇත. නැවත දිනයක් දැනුම් දෙන තුරු මෙම කැණීම් නවතන ලද්දේ මිණීවලේ ඇටසැකිළි පිළිබඳ වූ එම කාල නිර්ණ වාර්තා ඊයේ දිනයේදී මන්නාරම් අධිකරණයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුවය. ඒ පිළිබඳව මිනිවලේ කැණීම් භාරව සිටි අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ අදහස් දක්වා ඇත.

මහෙස්ත්‍රාත් නියෝගය අනුව මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු සිදු කරමින් සිටි විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු කැනීම් අංශ නිලධාරීන් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් වන්නට නියමිතය. මේ අතර කැනීම් සිදු කළ වෛද්‍යවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් මන්නාරම් මහෙස්ත්‍රාත් ටී.සර්වනරාජ් විසින් විශේෂ සාකච්ඡාවක් කැදවා ඇත. එහිදී සමූහ මිණිවලේ ඉදිරි කැනීම් කටයුතු සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇත.

සමූහ මිණිවලේ මෙතෙක් සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු කොටස් 342 ක් හමු වී ඇති අතර ඉන් සම්පූරණ මිනිස් සිරුරු කොටස් 330 ක් ඉවත් කර මන්නාරම් අධිකරණයේ තැන්පත් කර ඇත. එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 30 ක් ඇති බව වාර්තා විය.