தமிழ்
English
Contact
Monday 6th May 2019    
මන්නාරම මිනීවළ කැනීම් කටයුතු මාස 3ට තාවකාලිකව අත්හිටුවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්නාරම මිනීවළ කැනීම් කටයුතු මාස 3ට තාවකාලිකව අත්හිටුවයි!



මන්නාරම සමූහ මිනීවළ කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගත් ගෙන ඇත.

මන්නාරම සමූහ මිනීවළේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී වන තුරු පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබේ.

මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක්, රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා විශේඥෂවරුන් කණ්ඩායමක්, අතුරුදන්වූවන්ගේ කාර්යාලය නියෝජනය කරමින් එහි සභාපති සාලිය පීරිස් හා තවත් සාමාජිකයෙක්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් කිහිප දෙනෙකු ද සභාගී වී තිබේ.

දැනට කර ඇති කැනීම් සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමට මෙම සාකච්ඡාවේදී මහාචාර්ය රාජ් සෝමදේව එකඟත්වය පළ කර ඇති අතර එම වාර්තාව ලැබුණු පසු යළිත් වරක් සාකච්ඡාවක් පවත්වා ඉදිරි කටයුතු ගැන කතා බහ කිරීමට ද තීරණය වී ඇත.

එමෙන්ම මේ හා සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බව ද සාකච්ඡාවේදී කියැවිණි.

කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටවුවද මෙහි ආරක්ෂාව තර කර තිබෙන බවත්, දැනට මතුකරගෙන ඇති අස්ථි කොටස් විනාෂ වීම නැවැත්වීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව කටයුතු කරන බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ කීය.