Posted on 10.11.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව වෙත පුරාවිද්‍යා බලපත්‍ර ලබානොදීමට හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර ලබාදුන් බලපත්‍රවලට අදාළ කැණීම් වාර්තා, හමුවූ පුරාවස්තු පිළිබඳ විශ්ලේෂණ වාර්තා දෙපාර්තමේන්තුවට බාර නොදීම බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බලංගොඩ පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවේ කැණීම් සිදුකිරීමට අදාළව බලපත්‍රයක් සඳහා මහාචාර්යවරයා සිදුකළ ඉල්ලීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පි.බි.මණ්ඩාවලගෙන් විමසූ විට ඔහු පවසන්නේ නව කැණීම් බලපත්‍රක් ලබාගැනීම සදහා විද්‍යාත්මක වාර්තාවක් සහ කැණීම්වලින් සොයාගන්නා ලද පුරාවස්තු දෙපාර්තමේන්තුව වෙත නැවත ලබාදීමක් සිදුකළ යුතු බවයි.
සෝමදේව මහාචාර්යවරයාට අමතරව කැණීම් කටයුතුවල නිරත වන පුරාවිද්‍යාඥයන් 23 දෙනෙකුට මේ වන විට නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ඔහු පවසා ඇත.
කෙසේ නමුත් කැණීම් කටයුත්තකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙන බලපත්‍ර ලබාගැනීම සදහා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට අවශ්‍ය සියලු කොන්දේසි මෙන්ම මේ දක්වා තමන් විසින් සිදුකරනු ලැබු සියලුම කැණීම්වල විද්‍යාතමක වාර්තාවන් සහ උපකරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව සදහන් කරයි. එම ස්ථානවලින් සොයාගත් පුරාවස්තු, දෙපාර්තමේන්තුවට ලබාදීමට ගිය අවස්ථාවේ ඒවා භාරගැනීම දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රතික්ෂේප කළ අතර ඕනෑම අවස්ථාවක එම පුරාවස්තු භාරදිමට තමාට හැකියාව පවතින බව ඔහු පවසා ඇත.
බුලත්සිංහල, පාහියන්ගල ලෙන, කිතුල්ගල බෙලිලෙන, ඉබ්බන්කටුව ලෙන, කූරගල වැනි ස්ථාන රැසක කැණීම් සිදුකරමින් මෙරට ඉතිහාසය පිළිබඳව කරුණු ලොවට අනාවරණය කිරිමට රාජ් සෝමදේව මහාචාර්යවරයා කටයුතු කර ඇත.