தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
විද්‍යාඥයන් නැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හිටපු නිලධාරින්ගෙන් උදව් ඉල්ලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විද්‍යාඥයන් නැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හිටපු නිලධාරින්ගෙන් උදව් ඉල්ලයි!



පුරාවිද්‍යාඥයන් නොමැතිව විවිධ වෙනත් ක්ෂෙත්‍රවල විද්වතුන් හා නිලධාරින්ගෙන් සමන්විත පුරාද්‍යා දෙපාර්තමේන්තුවට රාජ් සෝමදේව විසින් සකස් කළ ගවේශන වාර්තා සම්බන්ධ විමර්ශන සදහා හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂවරයකු සහ විද්වතකුවන සිරාන් දැරනියගලගේ සහාය ඉල්ලා සිටි බව වාර්තා වේ.
මේ වනවිට කැණීම් බලපත්‍ර නිකුත් නොකරන ස්ථාවරයකට පැමිණ සිටින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මණ්ඩාවල ප්‍රකාශ කරන්නේ තම ආයතනයේ කාර්යමණ්ඩලයට ප්‍රමාණවත් විද්වතුන් නොමැති බැවින් රාජ් සෝමදේව වැනි කැණීම් කරන පුරාවිද්‍යා ගවේශකයන්ගේ වාර්තා සම්බන්ධ අදහසක් ලබාගන්නට හැකියාවක් නොමැති බවය. ඒ නිසා එවැනි පුරාවිද්‍යා කැණීම්වල වාර්තා පරික්ෂා කර නිර්දේශ ලබා දෙන ලෙස හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂවරයකුවන සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා වෙත ලිඛිත ඉල්ලීමක් කළ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පවසයි.

මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින කාර්යමණ්ඩල හිගය නිසා පුරාවිද්‍යා ස්ථාන හදුනාගැනීමේ සිට සංරක්ෂන කිරීම දක්වා නතර වී ඇති තත්වයක් ඇති බව අපගේ මූලාශ්‍ර සදහන් කරයි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සම්පත් නිකරුනේ හාරා දමමින් පුරාවස්තු සොයනවාට වඩා කාර්යභාරයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ඇති බැවින් පළමුව පුරාවිද්‍යාඥයන් බිහිකරගැනීමට මුල් තැන දියයුතු බවද එහිදී කාර්යාලවල ක්‍රියාදාමයකට වඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ දැනුමක් සහිත පුරාවිද්‍යාඥයන් බිහිකරගැනීමට බලධාරින්ට කිසිදු වැඩපිළිවෙළක් නැති බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.