தமிழ்
English
Contact
Saturday 4th May 2019    
කැළි කසල ප්‍රශ්නය සමඟ දේශපාලනඥයින් සූදු කෙළිනවා - පාඨලී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කැළි කසල ප්‍රශ්නය සමඟ දේශපාලනඥයින් සූදු කෙළිනවා – පාඨලී



රටේ බරපතල ප‍්‍රශ්නයක් වී ඇති කැළි කසල ප‍්‍රශ්නය සමඟ ඇතැම් දේශපාලනඥයින් සූදු කෙළින බවත්, බොරු වීරයින් වීමට යන එවැනි අය නිසා රටම විනාශය කරා ඇදී යන බවත්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

රට පුරා කුණු කඳු 330 ක් ඇතැයි කී අමාත්‍යවරයා මීතොටමුල්ලේ 33 දෙනකු කුණු කන්දකට යට වී මියගිය පසුත් රටේ කාලකන්නි දේශපාලනයට එම ගැටලුවේ ස්වභාවය නොතේරීම ගැටලුවක් බව ද සඳහන් කර ඇත.

කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප‍්‍රදේශවල කසළ ප‍්‍රශ්නයට අවුරුදු 80 ක් සඳහා විසඳුමක් දීමට පුත්තලමේ හිරිගල් වලවල්වල විද්‍යාත්මක කසල රඳවනයක් ඉදිකිරීම වැදගත් බව ද ඇමතිවරයා පවසයි.

මීතොටමුල්ලේ මිය ගිය අය වෙනුවෙන්වත් එම විද්‍යාත්මක විසඳුමට ඉඩදෙන්නැයි ඉල්ලා සිටින බව ද පාඨලී චම්පික පවසා ඇත.

කසළ කළමනාකරණය පිළිබඳ ගැටලුව විසඳීම අනිවාර්යයෙන් කළ යුත්තක් බව කී ඇමතිවරයා රටේ ජනතාවගේ සෞඛ්‍ය ප‍්‍රශ්නය, රටේ අනාගතය, නාගරික සංවර්ධනය රැදී තිබෙන්නේ ඒ මත බව ද වැඩිදුරටත් පවසා තිබේ.

මේ දිනවල පුත්තලම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අරුවක්කාඩු කසළ අංගනයට පුත්තලම ප්‍රදේශයේ ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් පවතියි. එම ජනතාව පවසන ආකාරයට පුත්තලම කලපුවට ඉතා ආසන්නව ඉදිවෙන මෙම කසළ අංගනය හරහා පුත්තලම කලපුවට කසළ මිශ්‍ර වීමේ අවධානමක් පවතියි. ඒ හරහා සිදුවන පරිසර විනාශයට අමතරව එම ප්‍රදේශයේ ජනතවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගවන ධීවර කර්මාන්තයට සහ ලුණු කර්මාන්තයටද බලපෑමක් එල්ල වේ.

ඊට අමතරව පරිසරවේදීන් පවසන්නේ හිරිගල් වලවල්වල කසළ තැන්පත් කිරීමෙන් එම කසළ භූගත ජලයට එක් වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.