Posted on 06.24.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාවට පනවා ඇති අමානුෂික සම්බාධක ඉවත් කරන ලෙස ඊයේ(23) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 184ක් මගින් එය අනුමතකර ඇත.
1992 සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර අනුමත කරන නමුත් එක්සත් ජනපදය එසේ සම්බාධක ඉවත් කිරීමට සූදානම් නැත. මෙවරද යෝජනාවට විරුද්ධ වූ ඊශ්‍රායලය, එක්සත් ජනපදය සමඟ සම්බාධකවලට පක්ෂව සිට ගෙන ඇත. බ්‍රසීලය, යුක්රේනය හා බ්‍රසීලය මෙහිදී මධ්‍යස්ථව සිට ඇත.
1962 වසරේ සිට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමාජවාදී කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික ,වාණිජ හා මූල්‍ය සම්බාධක හේතුවෙන් කියුබානු ජනතාව දැඩි පීඩනයට නතුකර තිබේ. සෝවියට් දේශය පවතින සමයේ කියුබාවට විවිධ සහන පදනමෙන් ආර්ථික සහයෝගිතාවක් ප්රදානය කළද 1989 සිට කියුබාව තනිව සිය ආර්ථිකයේ මෙන්ම රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරමින් එක්සත් ජනපද සම්බාධකවලට මුහුණ දෙමින් සිටී.