தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
කිරිපිටිවල කිසි ප්‍රශ්නයක් නෑ - රාජිතගෙන් ජනාධිපතිට ටොක්කක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කිරිපිටිවල කිසි ප්‍රශ්නයක් නෑ – රාජිතගෙන් ජනාධිපතිට ටොක්කක්!



ආනයනික කිරි පිටි අහිතකර නොවන බවට පරීක්ෂණාත්මකව නිගමනය කර බෙදාහරින නිසා ඒ සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රසිද්ධියේ පවසන අදහස්වල කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
මෙරටට ආනයන කරනු ලබන කිරිපිටිවල කිසිඳු විෂ රසායන ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට වරාය තුළදීම තහවුරු කිරීමෙන් අනතුරුව පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරන බව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ ආනයනික කිරිපිටිවල විෂ රසායනික ද්‍රව්‍ය පවතින බවට මේ වන විට කතාබහක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදීය.
එම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් මෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ද එක්ව සිටියහ. මෙහිදී අදහස් දක්වමින් ඇමතිවරයා කළ ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් මෑතකදී රැස්වීම් අමතමින් කළ ප්‍රකාශවලට පිළිතුරු දීමක් වැනි විය. පෙබරවාරි 15 වැනිදා සිරිපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා පවසා තිබුණේ කවුරුන් කොහොම කිව්වත් කිරිපිටි පාවිච්චිය නුසුදුසු බව සහ ලෝකයේම කිරිපිටි භාවිත කරන රටවල් 10-15ක් පමණක් බවත්ය. තමන් සෞඛ්‍ය ඇමති කාලයේ කිරිපිටි ආනයනකරුවන්ට ඉඩක් නොදුන් බවද අමාත්‍යංශයට පවා වැද්ද නොගත් බවද ජනාධිපතිවරයා කියා තිබිණි.
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසන්නේ එවැනි අදහස්පළ කිරීම්වල කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවය. කෙසේවෙතත් මෙරට කිරිපිටි පිළිබද රාජ්‍ය පරික්ෂණාතාරවල පරික්ෂණ කිරීමේ හැකියාවක් නැති බවද එම ආයතනවලින් ප්‍රකාශ කර තිබේ.