Posted on 02.23.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර දේශපාලන සන්ධානයක් සදහා එකගතා ඇති වුවද මැතිවරණ ලකුණ පිළිබද ගැටලුවක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය සඳහා වූ සාකච්චා වටයක් ඊයේ(22) රාත්‍රි කොළඹ 10, මලලසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
නව සන්ධානයේ මැතිවරණ ලකුණද ලෙස පොදුජන පෙරමුණ පාර්ශවයෙන් යෝජනා වී ඇත්තේ ‘පොහොට්ටුව’ ලකුණ වුවත් ඒ සඳහා මෛත්‍රිපාල පාර්ශවය එකඟතාවයක් දක්වා නැත. මෙම සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ගෙන් යුතු කමිටුවක්ද පත් කර ඒ සදහා වන සාකච්ඡා කිහිපයක්ම පවත්වා තිබේ. නව සන්ධානයේ නම ලෙස ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යෝජනා වී ඇති නමුත් ඒ පිළිබද අවසන් එකඟතාවයකට පැමිණ නැත. යෝජිත නව සන්ධානය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම සභාපතිවරුන් දෙදෙනෙකු ලෙස පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත.