தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
මම අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් දැකලත් නෑ, කියවලත් නෑ - ජනාධිපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මම අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් දැකලත් නෑ, කියවලත් නෑ – ජනාධිපති



අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ අද ඇතැමුන් කතා කළත් තමා අතට තවමත් කෙටුම්පතක් හෝ දැක නොමැති අතර ඒ පිළිබඳ දැනුවත්වීමක් ද සිදු වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(31) ඔලබොඩුව රාජ මහා විහාරයේ පැවති උත්සවයකට එක වෙමින් පවසා තිබේ.

ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කිරීම එක් පැත්තකින් දකුණේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීමක් වන අතර අනෙක් පැත්තෙන් උතුරේ ජනතාව රැවටීමක් බව ද ජනාධිපති සඳහන් කර තිබේ.

ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් එහි ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා තම සහයෝගය හිමිවන බව ද පවසා ඇත.

මෙරටට එරෙහිව ක්‍රියාත්මකවන විදේශීය අතපෙවීම් පසුගිය කාලය තුළ එන්න එන්නම වැඩි වෙමින් තිබෙන බවත් ඊට එරෙහිව තමන් විවිධ ක්‍රියාමාර්ග ගන්නා විට තමන්ට පහර ගසන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.