தமிழ்
English
Contact
Friday 3rd May 2019    
පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5ක්



පිලිපීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තබා තිබේ.

දෙරටෙහි රාජ්‍ය නායකයින්ගේ හමුව එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබිණි.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමට මුලින්ම අත්සන් තැබුණු අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සංචාරක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

කෘෂිකාර්මික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් තබා තිබේ .

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ පිලිපීනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලය අතර කෘෂිකර්ම තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇත.