Posted on 07.27.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදේශ ණය හා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ඊයේ (26) ගෙවූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
මේ වන විට රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණද විදේශ ණය ගෙවීම් ආදිය ප්‍රමාද නොකරන බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.
මුදල් ඇමතිවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරි වසරේ අයවැය සකස් කිරීමට අදාළ යෝජනාවක් ද ඉදිරිපත්කර ඇත. කෙසේවෙතත් මේ වන විට විවිධ ක්ෂේත්රවලින් පැන නැගී ඇති වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් මෙම අයවැය යෝජනාවලදී සලකා බලා ඇතිද යන්න ප්‍රකාශකර නොමැත.
විශේෂයෙන් ගුරුවරු හා විදුහල්පතිවරු වෙනුවෙන් විසඳුම් ලෙස කිසිවක් ඇමති මණ්ඩලය තුළ ඉදිරිපත්කර නැති අතර වසර 24ක් පැරණි වැටුප් ගැටලුව විසඳීම සඳහාද අයවැය තෙක් සිටින ලෙස දැනුම් දෙන්නට ඇමති මණ්ඩලය තීරණයකර ඇත.