Posted on 07.20.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඇමැති බැසිල් රාජපක්ෂට හා දිවි නැඟුම හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව පසුගිය පාලන සමයේ ගොනු කර ඇති නඩුව තව දුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සාකච්ඡා කරමින් සිටින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඊයේ (19) කොළඹ මහාධිකරණ විනිසුරුවරයාට දැනුම් දී තිබේ.
යහපාලන සමයේ පවරන ලද මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමේ හැකියාවක් නැති බවටත්, චෝදනා ගොනු කිරීම නිවැරැදි නොවන බවටත් විත්තිය ඉදිරිපත් කළ කරුණ පිළිබඳ තවදුරටත් සාකච්ජා කර නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත.