தமிழ்
English
Contact
Saturday 4th September 2021    
රජයේ ආයතනවල වියදම් කපා හැරීම ගැන මුදල් අමාත්‍යංශය වාර්තාවක් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජයේ ආයතනවල වියදම් කපා හැරීම ගැන මුදල් අමාත්‍යංශය වාර්තාවක් ඉල්ලයි



එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .

කපා හැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳව ද මහා භාණ්ඩාගාරයට නොපමාව දැනුම් දෙන්නැයි ද මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා ඇත .

කොවිඩ් අර්බුදය හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවීමත් ,එම ආදායම මේ වසරේ රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීමත්, සැලකිල්ලට ගනිමින් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.