දින 51ක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කිරීමට වගකිවයුතු පුද්ගලයන් සොයා ඔවුන්ට වහාම දඬුවම් ලබා දියයුතු පවට බලකරමින් සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරින්ගේ විරෝධතාවක් ඊයේ (19දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැතිවිණි.
කුමන්ත්‍රණය සිදුකළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉල්ලා අස්විය යුතු බවත්, මාස හයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත් විරෝධයට එක්ව සිටි සංවිධාන නියෝජිතයෝ එහිදී අවධාරණය කළහ.
විරෝධතාව වෙනුවෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කැඳවුම්කාර මණ්ඩල සාමාජික එරංග ගුණසේකර සඳහන් කළේ, දවස් 51ක් පුරා රට තුළ සිදු වූ කෝළම අවසන් කළ පසුව රනිල් වික්‍රමසිංහට අගමැති පුටුව ලැබුණත් රටේ ප්‍රශ්න අවසන්වී නොමැති බවය. මෙවැනි ප්‍රශ්නයක් ඇති වූයේ ඉතිහාසයේ පළමු වතාවට බැවින් කුමන්ත්‍රණය යළිත් සිදු නොවීමට වගබලා ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් හා යහපත් සමාජයක් උදාකර ගැනීමට ජනතාව මැදිහත් විය යුතු බවද ඔහු සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දින 50 ආණ්ඩුව පරාජය කරන්නට මෙම සංවිධාන නියෝජිතයෝ පසුගිය දින 50 තුළ මහත් වේගවත් ක්‍රියාකාරිත්වයක් දැරූ අතර මේ වනවිට පැවති එක්සත් ජාතික පක්ෂය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල වෙමින් පවතී. දේශපාලන බලසූදුවේ කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීමට වත්මන් පාලනයෙන් ඉල්ලා සිටින ඔවුන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පිළිවෙත සම්බන්ධ නිහඩතාවක සිටී. රාජපක්ෂ කන්ඩායම බලයට එන මට්ටමට වත්මන් ආණ්ඩුව පිරිහී ගියේද රාජපක්ෂ පාලනය සිහිගන්වන මර්දනකාරිත්වයක් පසුගිය වසර 4ක දක්නට ලැබුණු බැවිනි.