தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
කුවේටයේ ගෘහ සේවයට ගොස් හිරිහැර විඳි 26 ක් යළි ලංකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුවේටයේ ගෘහ සේවයට ගොස් හිරිහැර විඳි 26 ක් යළි ලංකාවට



කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී රැකියා කරන ස්ථානවලදී විවිධ හිරිහැර විඳි කාන්තාවෝ 26 දෙනෙක් අද (17) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මොවුන් තම සේවා කටයුතුවල නියැළී සිටියදී එම නිවෙස්වලින් සිදු වූ හිරිහැර හේතුවෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් පසු “සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි පිරිසකි.

ඔවුන් මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට්පත් මිලට ගෙන තිබේ.

මොවුන් අතුරින් දෙදෙනකු පමණක් කුවේටයේ අවුරුදු 1 – 2 ත් අතර කාලයක් ගෘහ සේවයේ නියැළී තිබේ. ඉතිරි 24 දෙනාම වසරකට අඩු සේවා කාලයක් හිමි තැනැත්තියෝය. ඒ අතරින් 5 දෙනෙකුට අත්විඳීමට සිදු වී තිබූ හිරිහැර නිසා රෝගාතුර වී සිටින බවද වාර්තා වේ.